මුහුද හරහා සිදුකිරීමට උත්සාහ කල කහ ජාවාරමක් නාවික හමුදාව වලක්වයි

අගෝස්තු 19, 2020
  •  මේ වන විට ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු කහ ප්‍රමාණය කිලෝග්‍රෑම් 8,360 කි

ගෝනි 14 ක ඇසුරුම් කළ කහ කිලෝග්‍රෑම් 807 ක ප්‍රමාණයක් දලුව, නොරොච්චෝලේ සහ මන්නාරමේ වංකාලේ යන ප්‍රදේශ හරහා රට තුළට හොර රහසේ ගෙන ඒමට තැත් කිරීමේදී සැකකරුවන් සිව්දෙනෙකු සහ ඩිංගි බෝට්ටු දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ දින (අගෝස්තු 18) අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 25 ත් 58 ත් අතර පසුවන ජාවාරම්කරුවන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා අදාළ ප්‍රදේශවල පිහිටි ශ්‍රී ලංකා රේගු කාර්යාල වෙත භාරදී ඇත.

මන්නාරම මුහුදු ප්‍රදේශයේදී පසුගිය ජුලි 28 වන දින කහ කිලෝග්‍රෑම් 1,000 ක්, අගෝස්තු 08 වන දින කහ කිලෝග්‍රෑම් 115 ක්, අගෝස්තු 11 වන දින කහ කිලෝග්‍රෑම්  6,381 ක්, අගෝස්තු 13 වන දින කහ කිලෝග්‍රෑම් 57 ක් ප්‍රමාණයක් ජාවාරම්කරුවන් විසින් මෙරටට ගෙන ඒමට දැරූ උත්සාහයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වළක්වන ලදි.

වයඹ සහ උතුරු-මධ්‍යම නාවික විධානයන් නීති විරෝධී කහ ජාවාරම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.