ගංජා කිලෝග්‍රෑම් 49 ක් සමග සැකකාරියක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

අගෝස්තු 21, 2020

කිලිනොච්චි, පරන්තන්හි ඊයේ (අගෝස්තු 20) සිදුකළ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 49.7 ක් සමඟ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

29 හැවිරිදි මෙම සැකකාරිය පරන්තන් මුරුසමොටෙයි පදිංචිකාරියක බව පොලිසිය පවසයි.

සැකකාරිය කිළිනොච්චිය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දින 07 ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිසිය පවසයි.