විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 169 දෙනෙකු මෙරටට පැමිණේ

අගෝස්තු 21, 2020

කොරෝනා වසංගතය හේතුවෙන් මාස කිහිපයක් විදේශයන්හි අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 169 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දින (අගෝස්තු 21) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

එමිරේට් ගුවන් සේවයට අයත් EK648 ගුවන් යානයෙන් 34 දෙනෙකු, කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR668 ගුවන් යානයෙන් 45 දෙනෙකු, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානයෙන් ලන්ඩනයේ සිට 02 දෙනෙකු සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 403 ගුවන් යානයෙන් තායිලන්තයේ සිට 88 දෙනෙකුද මෙරටට පැමිණි බව ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරන පැවසීය.

ඔවුන් පැමිණි  පසු PCR පරීක්‍ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන විදානපතිරණ defence.lk වෙත පැවසීය.