කොරෝනා වෛරසය ආසාදිතව සිටි 2789 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත

අගෝස්තු 21, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද දින (අගෝස්තු 21) නිකුත් කරන ලද වාර්තාවට අනුව, පසුගිය පැය 24 තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පුද්ගලයින් 24 දෙනෙකුද සමග සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 2789 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයට අනුව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ 08 දෙනෙකු සහ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලැබූ 16 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 2,918 ක් වාර්තා වී ඇති අතර මෙරට තුල මියගිය රෝගීන් සංඛ්‍යාව 11 දෙනෙකි.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 118 දෙනෙකු රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.

Sinhala.