පාතාල අපරාධකරුවන් සිව්දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවට

අගෝස්තු 23, 2020

අද දින (අගෝස්තු 23) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  අපරාධකරුවන් සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම්වලට සම්බන්ධ මෙම සැකකරුවන් සිව්දෙනා අධිකරණය මග හැරීම සඳහා ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔවුන් සන්තකයේ තිබී රු. 1 ,497,000.00  ක් සහ ඇමරිකානු ඩොලර් 7,900 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 30, 32, 43 සහ 45 හැවිරිදි මෙම සැකකරුවන් වැල්ලම්පිටිය සහ මෝදර පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.

කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබඳ වැඩිදුර විමර්ෂන පවත්වයි.