පාතාල අපරාධකරුවෙකු වන ‘පොඩි ලැසී’ගේ මව පොලිස් අත්අඩංගුවට

අගෝස්තු 25, 2020

මත්ද්‍රව්‍ය ජාවාරම් තුළින් උපයන ලද මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් ‘පොඩි ලැසී’ ගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තල්වත්ත, ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මෙම සැකකාරිය පන්නිපිටිය මායා මාවතෙහි සැඟවී සිටියදී පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකල වැටලීමේදී පොලීසිය විසින් බැංකු ගිණුම් පාස් පොතක්, ජංගම දුරකථන පහක් සහ මුදල් රු. 51000.00 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරිය අද (25) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.