නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා නව සාමාජිකයින් සිව් දෙනෙකු

අගෝස්තු 25, 2020

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය පිළිබඳ වන 12 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා නව සාමාජිකයින් 4 දෙනෙකු ඊයේ දින (අගෝස්තු 24) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පත් කර තිබේ.

ගැසට් නිවේදනයට මගින් අස්ගිරි පාර්ශවයේ අතිපුජ්‍ය වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශවයේ මහාලේඛකාධිකාරි ආචාර්ය පුජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ මහාලේඛකාධිකාරි ආචාර්ය පුජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික ගෞරව ශාස්ත්‍රවේදී අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ ජනාධිපති කාර්ය සාධක බලකායේ  නව සාමාජිකයින් ලෙස පත්කර ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය මගින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ  විධානය මත පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සදහා  වන ජනාධිපති කාර්ය සාධක බලකා ජුනි 2 වන දින පත් කරන ලදී.