ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා හතරක් මගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු අද දින මෙරටට

අගෝස්තු 26, 2020

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 102 මගින් මාලදිවයිනේ සිට 60 දෙනෙකු, UL 190 මගින්  බංග්ලාදේශයේ ඩකා සිට 18 දෙනෙකු, UL 1425 මගින් චීනයේ හොංකොං සිට 40 දෙනෙකු සහ UL 230 මගින් කුවේටයේ සිට 157 දෙනෙකු රැගෙන අද දින (අගෝස්තු 26) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණීමට නියමිත බව ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.

ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි පසු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන බව ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු පවසයි.