වීසා නොමැති විදේශිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට

අගෝස්තු 27, 2020

ආගමන විගමන නීති රීති උල්ලංඝනය කිරීම සහ නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටීම  සම්බන්ධයෙන් විදේශිකයන් 13 දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (26) දින සවස ගල්කිස්ස සෙරම් පාරේ ලැගුම්හලක දී අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකා පුගොඩ කඳවුරට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් අතර කාන්තාවන් නව දෙනෙකු සහ පිරිමින් හතර දෙනෙකු වේ. ඔවුන් වයස අවුරුදු 20 ත් 44 ත් අතර තායි හා චීන ජාතිකයන් බව පොලිසිය පවසයි.  

එක් සැකකරුවෙකු සන්තකයේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සිගරට් 10,300 ක් තිබී ඇත.

ඔවුන් අද (27) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.