අනුරාධපුරයේ ගම්වැසියන් 650 කට වැඩි පිරිසකට නාවික හමුදාව ජලය සපයයි

අගෝස්තු 28, 2020

උතුරුමැද පළාතේ ග්‍රාමීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අගෝස්තු 26 වන දින ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් පවරා දී තිබේ.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ විහාර බුලංකුලම විද්‍යාලය, පණ්ඩුලගම සිරි සම්බුද්ධ විහාරස්ථානය සහ  මිහින්තලේ නෙකටුනුවැව සිරි සම්බුද්ධ විහාරස්ථානය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයන් ඉදිකිර ඇත.

නව ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් අනුරාධපුර විහාර බුලංකුලම, පණ්ඩුලගම, මිහින්තලේ සීප්පුකුලම යන ගම්මානයන්හි වෙසෙන පවුල් 650කට වැඩි ජනතාවකට පහසුකම් සැලසෙනු ඇත.

උතුරු මැද පළාතේ නිදන්ගත වකුගඩු රෝගය වැළැක්වීම සඳහා සකස් කරන ලද ජාතික වැඩසටහනට සහය වෙමින්, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව  විසින් රට පුරා මේ දක්වා ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය 764 ක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ තාක්‍ෂණික විශේෂඥතාව සහ ශ්‍රමය ලබාදී ඇත.

උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසනායකගේ ප්‍රධානත්වයෙන්  ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන අදාළ ස්ථාන වලදී විවෘත කරන ලදි.