ශ්‍රි ලංකා ගුවන් හමුදාවට ජපාන ලංකා මිත්‍ර සංගමය වෙතින් ගිනිනිවන රථ 3 ක් සහ ගිලන්රථ ලැබේ

අගෝස්තු 28, 2020

ජපාන ලංකා මිත්‍ර සංගමය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනිනිවන රථ තුනක් සහ ගිලන්රථ තුනක් මෑතකදී  කටුනායක  ගුවන් හමුදා කඳවුරේ දී පැවති උත්සවයකදී පරිත්‍යාග කර තිබේ.

මෙම අවස්ථාවෙදී ජපාන ලංකා මිත්‍ර සංගමය, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්  වෙත ආධාර ලබා දෙන ලදි.
 
ජපාන ලංකා මිත්‍ර සංගමයේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න පැවසුවේ රටේ කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති විවිධ සීමාවන් මධ්‍යයේ වුවද මෙම රථ ගුවන් හමුදාව සඳහා ආනයනය කිරීමට සංගමය සමත් වූ බවයි.
 
මෙම අවස්ථාවට ජපාන ලංකා මිත්‍ර සංගමයේ නියෝජිතයින් සහ ශ්‍රි ලංකා ගුවන් හමුදා නිලධාරීන් සහභාගී වූහ.