රන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු කරෙයිනගර් හිදී නාවික හමුදා අත්අඩංගුවට

අගෝස්තු 30, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  උතුරු මුහුදේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ අගෝස්තු 28 වන සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි රත්‍රං කිලෝග්‍රෑම් 5 ක් සහ  ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

කරෙයිනගර් හි කෝවිලන් ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 14.5 ක් ඈතින් මුහුදේ සිදු කරන ලද විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එහි තිබූ  රත්‍රං තොගය සමඟ ජාවාරම්කරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගෙන ඇත.

30 සහ 32 හැවිරිදි සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගත් භාණ්ඩ  ඉදිරි පරීක්ෂණ සඳහා යාපනයේ රේගු කාර්යාලයට භාර දී ඇත.