ගිනිගත් තෙල් නෞකාවේ කපිතාන්වරයා සහ තුවාල ලැබූවන් නාවික හමුදාවෙන් මුදවා ගනී

සැප්තැම්බර් 03, 2020
  • රුසියානු යුද නැව් දෙකක් ද මෙහෙයුමට
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් බෙල් 212 හෙලිකොප්ටරයක් යොදවයි

සංගමන්කන්ද තුඩුවට ඈතින් මුහුදේ ගිනිගෙන දැවෙන තෙල් නෞකාව තුල බරපතල ලෙස තුවාල ලැබූ තෙවැනි ඉංජිනේරුවරයා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙරළට ගෙන ආ බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.

මෙහෙයුමේදී තවත් කාර්යය මණ්ඩ්ලයේ සමාජිකයෙකු ඇතුළුව  නැවේ කපිතාන්වරයා ද බේරා ගත් බව ඔහු පැවසීය.

නෞකාවේ ඉතිරි කාර්ය මණ්ඩලය බේරාගෙන ඒ ආසන්නයේ යත්‍රා කරමින් තිබූ නෞකාවකට  මාරු කළ බව ඔහු තවදුරටත් පැවසීය.

මෑතකදී පැමිණි රුසියානු යුද නැව් දෙකක් ද තත්වය පාලනය කිරීම සඳහා නාවික හමුදා  බලඇණියට එක්වීමට මීට සුළු  මොහොතකට පෙර හම්බන්තොට වරායෙන් පිටත් විය.

ගින්න මැඩපැවැත්වීම සඳහා එම්අයි -17 හෙලිකොප්ටරයට අමතරව තවත්  බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන්  දුෂාන් විජේසිංහ පැවසීය.