ශ්‍රී ලංකා නාවික හමුදාව තෙල් නෞකාව වෙරළ දෙසට ඇදී යාම වළක්වයි

සැප්තැම්බර් 04, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංගමන්කන්දට ඈතින් මුහුදේ ගිනිගෙන දැවෙන ‘MT New Diamond’ තෙල් නෞකාව දිවයින දෙසට ගසාගෙන යාම වළක්වාලීමට පියවර ගෙන ඇති බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මිට සුලු මොහොතකට පෙර පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ ඒකාබද්ධව ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය දෙවන දිනයටත් ගිනි නිවීමේ මෙහෙයුම්හි තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

පැනමා ධජය යටතේ යාත්‍රා කළ තෙල් නෞකාව ඊයේ උදෑසන (3) සංගමන්කන්ද අසල මුහුදේ දී ගින්නකට ලක්  විය.