කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2,996 දක්වා ඉහළට

සැප්තැම්බර් 13, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට අනුව, පසුගිය පැය 24 තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පුද්ගලයින් 13 දෙනෙකුද සමඟ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 2,996 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයට අනුව වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලැබූ   04 දෙනෙකු ද , නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ එක් අයෙකු සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 08 දෙනෙකු පිටව ගොස් ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 3,195 ක් වාර්තා වී ඇති අතර, මෙරට තුල මියගිය රෝගීන් සංඛ්‍යාව 12 දෙනෙකි.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 187 දෙනෙකු රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.