පොලිසිය හෙට සිට මංතීරු නීති ක්‍රියාත්මක කරයි

සැප්තැම්බර් 13, 2020

බස්නාහිර පළාතේ මංතීරු නීති ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩසටහනක් හෙට (14) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබේ.

ඒ අනුව, බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මෝටර් රථ ප්‍රවාහන) උපදෙස් පරිදි මංතීරු නීතිය  2020 සැප්තැම්බර් 14 සිට 16 දක්වා පෙ.ව. 06.00 සිට පෙ.ව.10.00 දක්වා ක්‍රියාත්මකවන බව පොලීසිය පවසයි.

පහත දැක්වෙන මාර්ග හතරේ දී  මෙම මංතීරු නීති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත:

  • ශ්‍රී ජයවර්ධනපුර මාවත, පොල්දුව හන්දිය සිට  හෝර්ටන් පෙදෙස දක්වා මාර්ගය
  • බේස්ලයින් පාර, කැලණි පාලම සිට හයිලෙවල් පාර දක්වා
  •  හයිලෙවල් පාර, අනුලා විද්‍යාලය සිට ශ්‍රී සම්බුධත්ව ජයන්ති මාවත, තුම්මුල්ල වටරවුම, තර්ස්ටන් පාර, මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, මල්පාර හන්දිය සහ පිත්තල හන්දිය
  • ගාලු පාර, විලියම් හන්දිය සිට ගාලුමුවදොර  වටරවුම සහ එන්එස්ඒ වටරවුම

 
මංතීරු නීති රීති පිළිපදින ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Sinhala.