යුද හමුදාව කෘතීම අත් පා 49 ක් ත්‍රිකුණාමලය සිවිල් වැසියන්ට පරිත්‍යාග කරයි

සැප්තැම්බර් 29, 2020

ශ්‍රී ලංකා යුද හමුදා 221 බලසේනාව විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත  පුද්ගලයින් 49 දෙනෙකු සඳහා කෘත්‍රිම අත් පා පරිත්‍යාග කිරිමේ  උත්සවයක් ත්‍රිකුණාමලය නගර ශාලාවේදී පවත්වන ලදි.

221 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම්ගේ සම්බන්ධීකරණයෙන් මානුෂීය සුභසාධනය සඳහා වන කොළඹ  අසරණ සරණ සමිතිය සහ කොළඹ  රොටරි සමාජය එක්ව මේ සඳහා අනුග්‍රහය දැක්වීය.

මෙහි ප්‍රතිලාභීන් වූයේ උපතින්ම ආබාධ සහිත සිවිල් වැසියන් සහ මිල අධික කෘතිම අත් පා මිලදී ගැනීමට නොහැකි වූ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින්ය.

කොළඹ රොටරි සමාජයේ සහ අසරණ සරණ සමිතියේ නියෝජිතයින්, අනුග්‍රාහකයින්, ත්‍රිකුණාමල නගරාධිපති, 221 බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම්, 223 බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත පෙරේරා සහ 22 සේනාංකයේ නිලධාරීන් සහ සෙබළුන් පසුගිය ඉරිදා (27)  දින පැවති මෙම අවස්ථාවට සහභාගී වූහ.