රණවිරු පවුල්වල සුභසාධනය සඳහා දියත් කරන ජංගම සේවය අනුරාධපුරයේදී

ඔක්තෝම්බර් 02, 2020
  • ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකායේ ආබාධිත, විශ්‍රාමික හා දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා ජංගම සේවයක්

රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටියදී ආබාධිත, විශ්‍රාමික සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් පවත්වනු ලබන ජංගම සේවාව සහ උත්තම පූජා ප්‍රණාම පදක්කම් ප්‍රදානය කිරීම 2020 ඔක්තෝම්බර් මස 03 දින පෙරවරු 0800 සිට පස්වරු 0500 දක්වා ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සහ රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහභාගීවීමට නියමිතව ඇත.

මෙමගින් එම පවුල්වල සාමාජිකයින් හට පවතින ගැටළු අදාල අංශයන් වෙත ඉදිරිපත් කොට ඒ සඳහා විසඳුම් ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.