පෞරාණික උරුමයන් රැක ගැනීම සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්

ඔක්තෝම්බර් 03, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මිහින්තලේ මිහිදු මහා සෑය ප්‍රතිසංස්කරණය කරන බවයි.

“ආරක්ෂක අමාත්‍යාංශයේදී මේ පිළිබද මූලික සාකච්ඡා පැවැත්වූ අපි අද දින රාජ්‍ය නිලධාරීන්ද සමඟ මෙම  ස්ථානයට පැමිණ මූලික සැලසුම් ක්‍රියාවලිය පිළිබඳව වැඩිදුර සාකච්ඡා සිදු කළා” ඔහු පැවසීය.

වෙනත් පළාත්වල පිහිටි පූජනීය ස්ථාන කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, “මේ සදහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය” බවයි.

“අපගේ අතීත උරුමයන් අපව ආඩම්බරයට පත් කරවනවා” එබැවින් “අපේ රටේ අනාගත පරම්පරාව සඳහා ඒවා සංරක්ෂණය කිරීම අපගේ යුතුකමයි” ඔහු පැවසීය.

“අපි අපේ උරුමය රැකබලා ගන්නා අතරම ඒවායෙහි නිරන්තර ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා යාන්ත්‍රණයක් සකස් කරනවා”. ඔහු පැවසීය.

ඔහු තවදුරටත් පවසා සිටියේ උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත් ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවකදී, අදාළ ප්‍රදේශවල ‍ඓතිහාසික ස්ථාන කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ද සාකච්ඡා කල බවයි.
   
ඊයේ දින (ඔක්තෝබර් 2) මිහින්තලය පුරාණ රජමහා විහාරයේ සිදු කල සංචාරයකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් වන දීඝවාපිය ස්තූපය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබදව සඳහන් කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා “කැබිනට් අනුමැතිය ලබා දී ඇති බැවින් නැගෙනහිර පළාතේ පිහිටි දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම අප විසින් ආරම්භ කළා”. යැයි පැවසීය.

එම කාර්යය සඳහා රජයේ අරමුදල් යොදා නොගන්නා අතර ආරක්ෂක හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රමය සපයන අතර බැතිමතුන්ගෙන් ලැබෙන මුදල් පමණක් ඒ සදහා භාවිතා කරන බවද ඔහු පැවසීය.

බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා අපේක්ෂිත කාලසීමාව තුල එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට කිරීමට අපට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

බෞද්ධ බැතිමතුන්ට වැදපුදා ගැනීම සඳහා පුරාණ ආගමික පූජනීය ස්ථානවල ගරාවැටී ඇති ස්ථානයන් නැවත යථා තත්වයට පත් කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව, දිවයිනේ ස්ථාන කිහිපයක මෙවැනි ගරාවැටී ඇති ස්ථානයන්  ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය අප විසින් ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කළේය.

2010 වර්ෂයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත යුද්ධයේදී සිය වටිනා ජීවිත පරිත්‍යාග කල සියලු රණවිරුවන්ට උපහාරයක් වශයෙන් ආරම්භකළ සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු වල වත්මන් තත්වය පිලිබදව සදහන් කරමින්  “පසුගිය කාලයේ ඉදිකිරීම් කටයුතු පමා වීම නිසා  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එය කඩිනම් කරන ලෙස අපට උපදෙස් දුන්නා”. යැයි පැවසීය.

“තවත් වසර එකහමාරක් ඇතුළත කඩිනමින් එහි වැඩකටයුතු අවසන් කිරීමෙන් පසු මෙම බෞද්ධ ස්ථූපය බැතිමතුන්ට වන්දනාමාන කල හැකි වනු ඇත”. ඔහු පැවසීය.