දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය

ඔක්තෝම්බර් 04, 2020

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල  වහාම ක්‍රියාත්මක වන පරිදි අද (ඔක්තෝබර් 4) දින සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව , ගම්පහ දිස්ත්‍රික්කයේ  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා   වෛරසය  ආසාදිත  බව සොයාගෙන ඇති අතර, වෛරසය  පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන තිබේ.

කොරෝනා  වෛරසය පැතිරී ඇතැයි සැලකෙන  ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඇඳිරි නීති කාලය තුළදී ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින ලෙස පොලිසිය ඉල්ලා සිටී.

ජනතාව  මෙම ප්‍රදේශවලට ඇතුළුවීම, පිටවීම සහ ඒ ප්‍රදේශ හරහා ගමනාගමනය සීමා කර ඇති බව පොලිසිය පවසයි.