වේයන්ගොඩ පොලිස් කොට්ඨාශයටත් නිරෝධායන ඇඳිරි නීතිය

ඔක්තෝම්බර් 04, 2020

අද (ඔක්තෝබර් 4) දින  සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් කොට්ඨාශය තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

මෙය දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් කොට්ඨාශවල බලාත්මක නිරෝධායන ඇඳිරි නීතියට අමතරව වේ.