මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 569 දක්වා ඉහලට

ඔක්තෝම්බර් 06, 2020

අද දින (ඔක්තෝබර් 06) වාර්තා වූ රෝගීන් 466 දෙනෙකුද සමග මිනුවන්ගොඩ පොකුරේ වාර්තා වී ඇති මුලු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 569 දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව, ගම්පහ පොලිස් කොට්ඨාශයට අද සවස 6 සිට නැවත දැනුම්දෙනතුරු  නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කල 39 හැවිරිදි කාන්තාවකට පසුගිය දිනෙක කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් කොට්ඨාශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.