පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

ඔක්තෝම්බර් 06, 2020

දිවයින තුල පැතිරී ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල 2020 ඔක්තෝබර් මස 7,8 හා 9 යන දිනවලදී මහජන සේවය සදහා විවෘත  නොකෙරේ.

අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ වෙනත් හදිසි ජාතික හැදුනුම්පත් අවශ්‍යතා සදහා පහත දුරකථන අංක ඇමතීමෙන් විමසීම් සිදුකල හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන කාර්යාලය :- 0115 266 150 හෝ 0115 226 115

පළාත් කාර්යාල
 
 - ගාල්ල - 091 222 8348

 - කුරුණෑගල - 037 222 4337

 - වවුනියාව - 025 222 7201

 - මඩකලපුව - 065 222 9449

එක් දින සේවාව සදහා මෙි වනවිට ඉල්ලුම්කර ඇති සියලුම ඉල්ලුම්කරුවන්ට මහජන සේවාවන් ආරම්භ කල සැණින් ප්‍රමුඛතාවය ලබා දෙන බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.