රාගම රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට මහජන සහය අපේක්ෂා කෙරේ

ඔක්තෝම්බර් 07, 2020

වයස අවුරුදු 62 ක් වන අංක -307, නුවර පාර, පෑලියගොඩ ලිපිනයේ පදිංචි ආර්.ඩී.එස්. කුමාර නමැති කොවිඩ් ආසාදිත  පුද්ගලයා ඊයේ (ඔක්තෝම්බර් 06) රාත්‍රියේ  රාගම රෝහලෙන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

මීට සුළු මොහොතකට  පෙර අසාදිතයාගේ  ඡායාරූපයක්ද පොලිසිය විසින් නිකුත් කරන ලද අතර මෙම කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට පොලීසිය මහජන සහය අපේක්ෂා කෙරේ.

ඔහු පිළිබඳ තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට ලබා දිය හැකි අතර, පලාගිය තැනැත්තාට රැකවරණය සැපයීමට උත්සාහ කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියේය.