කොටගල මාර්ගයට පෙරලුණ විශාල ගල් පර්වතයක් යුද හමුදා සහයෙන් ඉවත් කෙරේ

ඔක්තෝම්බර් 08, 2020

ආපදා ප්‍රතිචාර දැක්වීමේ රාජකාරින් හි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සමාජිකයින් විසින්  ප්‍රාදේශීය ප්‍රජාවගේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් කොටගල පාරට පෙරළී ගිය විශාල ගල් පර්වතයක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

නායයෑම් හේතුවෙන් මාර්ගය අවහිර වන පරිදි බෑවුමට වැටී ඇති සුන්බුන්  ඉවත් කර මාර්ගයේ අවහිරතාව ඉවත් කිරීම සඳහා ආපදා කළමනාකරණයේ යෙදී සිටින භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සිය සහය ලබා දුන්හ.