මිනුවන්ගොඩ පොලිසියේ මෙහෙයුම් තවදුරටත් - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ඔක්තෝම්බර් 08, 2020

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ defence.lk වෙත පැවසුවේ සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින් මිනුවන්ගොඩ පොලිසිය සිය මෙහෙයුම් කරගෙන යන බව සහ කොරෝනා වෛරසයට නිරාවරණය වූ පොලිස් නිලධාරීන් හුදකලා කරන බවයි.

ඒ අනුව අනෙකුත් පොලිස් ස්ථානවල සිටින පොලිස් නිලධාරීන් මිනුවන්ගොඩ පොලිසියේ සිය රාජකාරි ආරම්භ කරනු ඇති බව ඔහු පැවසීය.

වෛරසයට නිරාවරණය වූ නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.