සාමයේ දසවර්ශාභිෂේක සැමරුම් උළෙල - 2019

මැයි 18, 2019

දශක 03ක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පැවති කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා රණවිරුවන් දිවිහිමියෙන් රට වෙනුවෙන් සටන් කොට ත්‍රස්තවාදය මුලින් උපුටා දමා සියලු ලක්වාසී ජනතාවට සාමය දායාද කරදී 2019.05.19 දිනට දස වසරක් සපිරීම නිමිත්තෙන් එම “දසවර්ශාභිෂේක” සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකායේ ජීවිත කැපකල විරෝධාර රණවිරුවන් සිහිකිරීම වස් 2019.05.19 වන දින 1900 පැයට දීපව්‍යාප්ත ආගමික ස්ථානයන්හි, රජයේ/පෞද්ගලික ආයතන වල, සියලුම නිවෙස් වල, ත්‍රිවිධ හමුදා කඳවුරු/ පොලිස් ස්ථාන තුල “සාමයේ පහනක්” දක්වා ඔවුන් ස්මරණය කිරීමට සියලු මහජනතාව වෙත කාරුණිකව දන්වා සිටිමු.