ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල මහජනතාව සඳහා අත්‍යවශ්‍ය සේවාවන් විවෘතයි

ඔක්තෝම්බර් 09, 2020

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති  ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ  18 ක සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසයි.

සතොස, ඔසුහල්, සුපිරි වෙළඳසැල් සහ මාළු වෙළඳසැල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන අද (ඔක්තෝබර් 09) දින  පෙරවරු  8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තහවුරු කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ළඟම ඇති වෙළඳසැලෙන් සේවා ලබාගැනීමට ජනතාවට අවසර ඇති අතර සෑම නිවසකින්ම එක් අයෙකු පමණක් භාණ්ඩ මිළදී ගැනීම සඳහා වෙළඳසැල් වෙත යාම සුදුසු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.