2020-2025 සඳහා යුද්ධ හමුදාවේ ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’කෙටුම්පත් කරයි

ඔක්තෝම්බර් 09, 2020

ශ්‍රී ලංකා යුද හමුදාව 2020-2025 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග සැලැස්ම පිළිබඳ කෙටුම්පත හිටපු යුද හමුදාපතිවරුන් වෙත ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා ඊයේ (ඔක්තෝබර් 8) දින  යුද හමුදා මූලස්ථානයේ දී භාරදී තිබේ.

යුද්ධ හමුදාවේ ව්‍යුහය, නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගමනය, යුද්ධ හමුදා සංවිධානය සහ ස්වේච්ඡා බලසේනාව ආදිය ඇතුළත්ව ආරක්ෂක විෂයන්හි සිදුවන නවීකරණය කෙරෙහි අවධානය යොමු කරමින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග සැලැස්ම සකස් කරන ඇත.  

මෙම අවස්ථාවට විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරාල් (විශ්‍රාමික) ශ්‍රීලාල් වීරසූරිය, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ජයසූරිය සහ ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.