පිස්තෝලයක් සහ පතොරම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඔක්තෝම්බර් 10, 2020

විශේෂ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පිස්තෝලයක් සහ පතොරම් 6 ක් සහිත මැගසිනයක්  රු. 250,000ක මුදලකට විකිණීමට සුදානම්ව සිටි පුද්ගලයකු ඊයේ (ඔක්තෝබර් 09) දින සවස බදුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මෙම සැකකරු බදුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණ කාර්යාලයේ කාර්යාල කාර්යය සහායකවරයෙකු බව සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.

සැකකරු බදුල්ල ගරු. මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (ඔක්තෝබර් 10) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.