මිනුවන්ගොඩ කොරෝනා වෛරස් පොකුර 1186 දක්වා ඉහළට - කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

ඔක්තෝම්බර් 11, 2020

දේශීයව හඳුනාගෙන ඇති සමීප ආශ්‍රිතයින්  103 ක් සහ කර්මාන්තශාලා සේවකයින් 02 ක් සමගින් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වූ මුළු කොවිඩ් -19 ආසාදිත  රෝගීන් සංඛ්‍යාව 1186 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය  අද (ඔක්තෝබර් 11) දින පැවසීය.

මේ අතර, පුද්ගලයින් 44 දෙනෙකු සමඟ දෝහා කටාර්හි සිට QR 668 ගුවන් යානය අද පැමිණ ඇති අතර ඔවුන් සියල්ලන්ම නිරෝධායනය සඳහා යවනු ලැබේ.