අවුකන බුද්ධ ප්‍රතිමා පරිශ්‍රය නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව

ඔක්තෝම්බර් 11, 2020

අද (ඔක්තෝබර් 10) සිට පූජනීය අවුකන බුද්ධ ප්‍රතිමාවේ භූමිය නඩත්තු කිරීමේ වරප්‍රසාදය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය අංශය පවසයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්   රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ගල්කිරියාගම පුහුණු පාසල මේ සඳහා අනුයුක්ත කර ඇත.

රටේ ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය ස්ථානවල ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය සහයෝගය ලබා දෙයි.