ඖෂධ ලබාදීම නිවෙස් වෙත - සෞඛ්‍ය අමාත්‍යාංශය

ඔක්තෝම්බර් 12, 2020

නිදන්ගත රෝග ඇති රෝගීන් සහ වැඩිහිටියන් නැවත දැනුම් දෙන තුරු රෝහල් සායනවලට නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරයි.

වර්තමාන තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ඊයේ (ඔක්තෝබර් 11) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ නිදන්ගත රෝගීන්  සහ වැඩිහිටි රෝගීන් හට COVID-I9 ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇති බවයි.

ඔක්තෝබර් 13 වන අඟහරුවාදා සිට රජයේ රෝහල්වල සායන රෝගීන්ගේ නියමිත ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටී.

මෙම ක්‍රියාවලිය ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලින් ආරම්භ කර දිවයින පුරා ව්‍යාප්ත කෙරේ.

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණයක් ඇති බව හැඟෙන්නේ නම් ඕනෑම වේලාවක ළඟම ඇති රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් දෙයි.