නිරෝධායන ඇඳිරි නීතිය දැඩි කෙරේ, සියලුම අත්‍යවශ්‍ය සේවා වෙළඳසැල් දින 3 ක් වසා දමයි

ඔක්තෝම්බර් 13, 2020

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්, ඔසුහල්  සහ වෙනත් ආහාර වෙළඳසැල් අද (ඔක්තෝබර් 13) සිට දින 03 ක් වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 18 ක නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ජනතාවගේ ගමන් බිමන් තවදුරටත් සීමා කිරීම සඳහා ඇඳිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.