කොරෝනා වෛරසය ආසාදිතව සිට 3317 ක් සුවය ලබා රෝහල් වලින් පිටව යයි.

ඔක්තෝම්බර් 13, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන පරිදි පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව  3317 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැලිකන්ද  රෝහලෙන් 02 ක්, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන්  04 ක් සහ ඉරණවිල  රෝහලෙන් 04 ක්  සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ  ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, කොරෝනා  වෛරසය ආසාදිතයින් 4844 ක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව 13 කි.

කොරෝනා  වෛරසය ආසාදිත පුද්ගලයින් 1514 ක් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබති.