රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවක තොරතුරු යාවත්කාලීන කිරීම

ඔක්තෝම්බර් 13, 2020

ඉදිරි දින තුන තුළ තම සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

අවශ්‍ය විටෙක සියළුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන තම සේවකයින් පිළිබඳ නිවැරදි තොරතුරු අදාළ බලධාරීන්ට ලබාදිය යුතු බව, රටේ වර්තමාන කෝවිඩ් -19  තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු පැවසීය.