ඊයේ දිනට PCR පරීක්ෂණ 6648

ඔක්තෝම්බර් 13, 2020

ඔක්තෝබර් 12 වන දින වාර්තා වූ රෝගීන් 92 දෙනා සමඟ අද (ඔක්තෝබර් 13) වන විට රටේ සමස්ත කොරෝනා  වෛරසය ආසාදිතයින් ගනණ  4,844 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, ඊයේ දිනයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාවෙන් 90 ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා පොකුරේ සමීපතමයන්  ලෙස හඳුනාගෙන ඇති අතර අනෙක් දෙදෙනා දිවයිනට පැමිණි විදේශිකයන් ය.

මිනුවන්ගොඩ පොකුරේ  ආසාදිතයින් සංඛ්‍යාව 1,397 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දින සිදු කල PCR පරීක්ෂණ 6,648 ක් සමඟ දිවයිනේ මේ වන විට පරීක්ෂණ 335,752 ක් සිදු කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 90 ක් තුළ පුද්ගලයන් 10,281 ක් නිරෝධායනය  වෙමින් පවතින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තවදුරටත් පවසයි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව පුද්ගලයින් 51,480 ක් මේ වන විට ඔවුන්ගේ නිරෝධායන කාලය සාර්ථකව සම්පූර්ණ කර ඇත.