COVID-19 ආශ්‍රිත තොරතුරු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය 1999 අංකය හඳුන්වා දෙයි

ඔක්තෝම්බර් 18, 2020

COVID-19 සම්බන්ධ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්   මහජනතාවට දැනුම් දුන් බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව ඊයේ (ඔක්තෝබර් 17) පැවසීය.

ඒ අනුව, COVID-19 වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු මෙන්ම වෙනත් අදාළ උපදෙස් ද ලබා ගත හැකිය.

මෙම සේවාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පැය 24 පුරාම ලබා ගත හැකිය. අදාළ සහයන්  සඳහා මහජනතාවට වෛද්‍යවරුන් සම්බන්ධ කර ගත හැකිය.