‘Army Commander’s League - T20’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්විණි

ඔක්තෝම්බර් 18, 2020

’ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රථම වරට සංවිධානය කළ ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ (‘Army Commander’s League-T 20’) ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), සංකල්පයට අනුකූලව ජාතික සංචිතයට හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීම තරගාවලියේ අරමුණ බව යුද හමුදාව පැවසීය.

ඔක්තෝබර් මස 6 වන දින ආරම්භ වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’  කණ්ඩායම තරඟ වැදුණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් අනුව ආරම්භ වූ මෙම තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට   දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සමත්විය. ඒ අනුව, තරඟාවලියේ අනුශූරතාවය  ‘Army Northern Warriors’ කණ්ඩායමට හිමිවිය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම තරඟාවලියේ කුසලාන ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සභාපති, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සභාපති, ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් සහ   ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහභාගී වූහ.