කොවිඩ් - 19 මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 2342 දක්වා ඉහළට

ඔක්තෝම්බර් 21, 2020

මිනුවන්ගොඩ ඇඟලුම් පොකුරේ ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (ඔක්තෝම්බර් 20) සවස වාර්තා වූ ආසාදිතයින් 120 ත් සමග 2342 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ තොරතුරු වලට අනුව රටේ සමස්ථ කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 5811 දක්වා ඉහළ ගොස් ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති මුළු සංඛ්‍යාව  3457 ක් වන අතර, තවදුරටත් ආසාදිත රෝගීන් 2341 ප්‍රතිකාර ලබමින් සිටියි.