රෝහලෙන් පලාගිය කෝවිඩ් ආසාදිත රෝගියා පොලිසිය විසින් සොයා ගනී

ඔක්තෝම්බර් 23, 2020

අද (ඔක්තෝබර් 23) කොස්ගම සාලාව රෝහලෙන් පැන ගිය කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන සිටි පුද්ගලයා වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.

ඔහු බොරැල්ල සහශ්‍රපුර මහල් නිවාසයේ සැඟවී සිටියදී සොයාගෙන ඇති අතර, රෝගියා සුවය ලැබීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මද වේලාවකට පෙර ඔහුගේ ඡායාරූපය නිකුත් කරමින් පලාගිය පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතුවේය.