නවතම ඇදිරි නීති නිවේදනය

ඔක්තෝම්බර් 23, 2020

කොළඹ දිස්ත්‍රික්කයට අයත් දෙමටගොඩ සහ මරදාන යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

තවද, ලබන සඳුදා දින (26) අලුයම 5 දක්වා පයාගල, බේරුවල සහ අළුත්ගම පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බවද නිවේදනයේ සඳහන්ය.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන ගුලවිට උතුර සහ දකුණ, වෙදවත්ත, මාගුරුමස්විල සහ මාකලන්දාව ග්‍රාම නිලධාරි වසම් නැවත දැනුම් දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.