යුද හමුදා භටපිරිස් ගංජා තොගයක් සොයා ගනී

ඔක්තෝම්බර් 27, 2020

යුද හමුදා භටපිරිස් පේසාලේ ප්‍රදේශයේ, ඔලුත්තුඩුවායි වෙරළ තීරයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 26.9 ක් අත්අඩංගුවට ගෙන ඇත.

බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකායේ භටපිරිස් විසින් මෙලෙස ගංජා තොගය සොයාගෙන ඇත.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ලබාදුන් උපදෙස්  මත භටපිරිස් නිරන්තරයෙන් රටෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කරනු ලබයි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය වැඩිදුර පරික්‍ෂණ සඳහා පොලිසිය වෙත භාරදෙන ලදි.

Sinhala.