ඊයේ දිනට PCR පරීක්ෂණ 7,682 ක්

ඔක්තෝම්බර් 27, 2020

ඊයේ (26) හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් 541 ක් සමඟින්, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ සිද්ධීන් 4,941 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉන් 1,041 ක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (27) වන විට හමුදා විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක පුද්ගලයන් 8,090 ක් නිරෝධායනය වේ.

ඊයේ සිදුකරන ලද PCR පරීක්ෂණ 7,682 ක් සමඟ මෙරට සිදුකරන ලද PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 458,518ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ කොරෝනා මරණ සංඛ්‍යාව අද වන විට 16 කි.

Sinhala.