මිනුවන්ගොඩ පොකුරේ ආසාදිත පුද්ගලයින් 67 දෙනෙකු සුවය ලබයි

ඔක්තෝම්බර් 30, 2020

ඊයේ (ඔක්තෝබර් 29) වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයින් 586 දෙනෙකුද සමඟ  මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 9,791  දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (29) දින වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 59,314 දෙනෙකු සිය නිවෙස් බලා පිටව ගොස් ඇති බවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය (NOCPCO) පවසයි.

අද දින වාර්තා වූ සුවය ලැබූ ආසාදිත පුද්ගලයින් 67 දෙනා මිනුවන්ගොඩ පොකුරට අයත් ආසාදිතයින්ය.

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 6313 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 1,041 දෙනෙකු ඇඟලුම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් බව NOCPCO පවසයි.

අද දින (30) වන විට හමුදාව විසින් කළමනාකරණය කරන නිරෝධායන මධ්‍යස්ථාන 64 ක පුද්ගලයින් 6,463 ක් හුදෙකලා කර ඇත.

ඊයේ සිදුකරන ලද PCR පරීක්ෂණ 11,773 ක් ද සමඟ රට තුළ සිදුකරන ලද මුළු PCR පරීක්ෂණ සංඛ්‍යාව 490,563 ක් බව NOCPCO පවසයි.