යුද හමුදා භටපිරිස් මුලතිව් හි පොදු ස්ථාන විෂබීජහරණය කරයි

නොවැම්බර් 01, 2020

කොවිඩ් - 19  තර්ජනය අවම කිරීමේ අරමුණ ඇතිව යුද හමුදා භටයන් උදයාර්කට්ටු සහ පුදුකුඩිරුප්පු යන ප්‍රදේශවල පොදු  ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක්  සිදු කළහ.

මුලතිව්  ආරක්ෂක සේනා  අඥාපති  මේජර් ජෙනරාල් ජගත් රත්නායකගේ සහ 68 වන සේනාංකයේ    මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂගේ මගපෙන්වීම අනුව 68 වන සේනාංකයේ භටපිරිස්    සිකුරාදා (30) දින මෙම මෙහෙයුමට සම්බන්ධ විය.

විෂබීජ නාශක ව්‍යාපෘතියට එම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහායද  භට පිරිස් වෙත ලැබුණි.