NOCPCO ප්‍රධානියා කිලිනොච්චි හි හදිසි ප්‍රතිකාර රෝහල ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි

නොවැම්බර් 01, 2020

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හී ඉදිකරමින් පවතින හදිසි ප්‍රතිකාර  රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක ඊයේ (31) දින නිරත විය.

කොවිඩ් - 19 වසංගතය පැතිරීමත් සමඟ  රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කිලිනොච්චිය මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලයේ  හි සහාය ඇතිව මෙම ඉදිකිරීම සිදු කෙරේ.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඉදිකිරීම් කණ්ඩායම ඉදිකිරීම් පරිශ්‍ර සංචාරයට එක් විය.

මෙම සංචාරය අතරතුරදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.