යුද හමුදා භටපිරිස් වෙත ඩිජිටල් උෂ්ණත්වමාන

නොවැම්බර් 03, 2020

කොරෝනා වෛරසයට  එරෙහිව සටන් කරන හමුදා භටයින්ගේ කාර්යභාරය අගය කිරීමක් ලෙස  සරත්  කළුආරච්චි මහතා විසින් පරිත්‍යාග කරන ලද ඩිජිටල් උෂ්ණත්වමාන කට්ටල 10 ක් මෑතකදී මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් හරහා වන්නි ආරක්ෂක සේනා අඥාපති   මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ලබා දෙන ලදී.

කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වැළක්වීමට  භාවිතා කිරීම සඳහා ඒවා වන්නි ආරක්ෂක අංශ මූලස්ථානය යටතේ ඇති සියලුම අංශ අතර බෙදා හරිනු ලැබේ.

එම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, ආඥාපති මේජර් ජෙනරල් රන්ජන් ප්‍රේමලාල්, 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ට නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.