අද්මිරාල් (විශ්‍රාමික) පියල් ද සිල්වා ආරක්ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 03, 2020

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් (විශ්‍රාමික) පියල් ද සිල්වා මහතා අද (නොවැම්බර් 03) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව තානාපතිවරයා ලෙස අද්මිරාල්  ද සිල්වා මහතා පත් කර තිබේ. වසර 36 ක දිගු නාවික වෘත්තිය සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහු ජූලි 15 වන දින විශ්‍රාම ගියේය.

මෙම සුහද සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම් අද්මිරාල් ද සිල්වාගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාවේදී  දෙදෙනා අතර  සමරු තිළිණ හුවමාරුවක්ද සිදු  විය.