කොරෝනා මරණ පහක් ඊයේ වාර්තා විය

නොවැම්බර් 06, 2020

ශ්‍රී ලංකාවේ තවත් මරණ 5 ක් ඊයේ (නොවැම්බර් 05) සවස වාර්තා වීමත් සමඟ කොරෝනා මරණ 29 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව සනාථ කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සනාථ කළේ මෙයින් මරණ හතරක් කොළඹින් සහ එක් අයෙකු වැල්ලම්පිටියෙන් වාර්තා වූ බවයි.

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ මරණයට පත්ව ඇත.

ඒ අනුව, කොළඹ 2 හි පදිංචි 46 හැවිරිදි වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි පිරිමි පුද්ගලයකු පිඹුර මූලික රෝහලේදී මිය ගියේය .

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

නිවසේදී මියගිය පුද්ගලයින් තිදෙනාට වන්නේ කොළඹ 12 හි පදිංචි 58 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 හි 73 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 හි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ.